Saturday, May 31, 2025

General line - 0115112241

පොලිස් කොමිසම හදිසියේ ජනපති හමුවෙයි



පොලිස් කොමිසමේ සාමාජිකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ පවත්වා තිබෙනවා. 

ඒ, මේ වන විට පවතින විවිධ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. පොලිස් ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. 

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ සුදුසු පරිදි අදාළ සුදුසුකම් මත එම කරුණු සිදුවනු ඇති බවයි.