Saturday, March 29, 2025

General line - 0115112241

හන්තාන ගස් කැපීමට සහකාර වතු අධිකාරීවරයෙකු අත්අඩංගුවට

ජේ ඒ එල් ජයසිංහ



රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් හන්තාන වතු යායේ පරිසර හානියක් සිදු  කරමින් ගස් කැපීමේ ජාවාරමට සම්බන්ධ සහකාර වතු අධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මහනුවර පොලීසියට ලද තොරතුරක් මත  සිදු කළ වැටලීමේදී මෙම සැකකරුවන් කපන ලද දැව කඳන් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

අදාළ ගස් කඳන් මිළදී ගැනීමට සහ කැපීමට හවුල්වීම සම්බන්ධයෙන් තවත් ව්‍යාපාරිකයෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම ගස් කැපීමේ ජාවාරම ඔවුන් කලක පටන් සිදු කර ගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන්ට  එරෙහිව  පොදු දේපල පණත යටතේ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවයි මහනුවර පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.