ඉදිරි කන්නයේ සිට ගොවීන්ට වී තොග රැස් කර තබා ගැනීමට අවසර ලබා නොදෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියා කිසියම් ගොවියෙකුට වී තොග රැස් කර තබා ගැනීමට අවශ්‍ය නම් ඔහු රජයෙන් බලපත්‍රයක් ලබා ගත යුතු බවයි.
වාහනවලට අය කෙරෙන බදු සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.