Thursday, February 27, 2025

General line - 0115112241

අණ නොතකා පලාගිය මෝටර් රථයට ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී වෙඩි



පොලිස් අණ නොතකා පලා යමින් තිබූ මෝටර් රථයකට ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී වෙඩි තබා තිබෙනවා. 

ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

ඒ අනුව වෙඩි ප්‍රහාර හමුවේ නතර කළ එම මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙරවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. 

මෝටර් රථය පරික්‍ෂා කිරීමේදී එහි තිබී නීති විරෝධී මත්පැන් සොයාගත් බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.