Thursday, February 27, 2025

General line - 0115112241

අස්වැසුම මුවාවෙන් සිදු වන වංචනික ක්‍රියා ගැන පැහැදිලි කිරීමක්



මුදල් ලබා ගෙන අස්වැසුම ප්‍රතිලාභය සඳහා කිසිදු ආකාරයක තෝරා ගැනීමක් සිදු නොවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 

ඒ අනුව එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ. 


එවැනි වංචනික ක්‍රියාවන් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විටත් පැමිණිලි ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවුසවේ.