නිලධාරීන් මෙම සති අන්තයේ අඛණ්ඩව සේවයේ නිරතව සිටීම හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති බහාලුම් සැලකිය යුතු ප්‍රමාණයක් ලබන සඳුදා පෙරවරුව වනවිට නිදහස් කිරීමට හැකි වෙතැයි රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේ පසුගිය දිනවලට සාපේක්‍ෂව වරායේ සිරවී ඇති බහාලුම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි.
බහාලුම් කඩිනමින් නිදහස් කිරීම සඳහා සෙසු පාර්ශවවල සහයද අවශ්‍ය බවයි ඊට ප්‍රතිචාර දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා.