Saturday, March 29, 2025

General line - 0115112241

බේරේ වැවේ තාරාවන් 60ක් මිය යයි - හේතුව සොයා පරීක්‍ෂණ



කොළඹ බේරේ වැවේදී මිය ගිය තාරාවන් ගණන 60 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

එම තාරාවන් මිය යාමට හේතු සොයා තවදුරටත් පරික්‍ෂණ ක්‍රියාත්මක බවයි නෙත් නිවුස් කළ විමසීමකදී කොළඹ මහනගර සභාවේ ප්‍රධාන නාගරික පශුවෛද්‍ය නිලධාරී මෙහොමඩ් ඉජාස් මහතා පැවසුවේ.  


කොළඹ මහනගර සභාව විසින් බේරේ වැවේ දුගඳ අවම කිරීම සඳහා  මුදාහරින ලද බැක්ටීරියාව හේතුවෙන් තාරාවන් මිය යන්නට ඇතැයි විශ්වාස කළ නොහැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.