Thursday, February 27, 2025

General line - 0115112241

යෝෂිත 27 වැනිදා දක්වා රිමාන්ඩ්



අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා 

ඒ අනුව ඔහුව  ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත්  අධිකරණය නියෝග කර ඇත්තේ 

අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා  මීට සුළු මොහොතකට පෙර අළුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනා 

අද දින උදෑසන කාලයේ බෙලිඅත්ත ප්‍රදේශයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුනා 

ඒ ඔහු විසින් රත්මලාන ප්‍රදේශයේ පිහිටි නිවසක් හා ඉඩමක් රුපියල් මිලියන 34 ක මුදලකට මිලදී ගැනිමට කටයුතු කර ඇති අතර, එසේ මිලදී ගැනීමට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාල උදෘත ගොනු නීතිපතිතුමා වෙත යොමු කිරීමෙන් පසු එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවට අනාවරණය වීමෙන් පසුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.