Wednesday, February 26, 2025

General line - 0115112241

පොලිස් විමර්ශනවලට රජය මැදිහත් නොවන බව ජනපති අවධාරණය කරයි



පොලිසිය මගින් සිදු කරන විමර්ශන කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා පැවසුවේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන කටයුතු සිදු කිරීමේ සම්පූර්ණ බලය පොලිසියට පවරා ඇති බවයි. 


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ පසුගිය කාලය තුළ විමර්ශනයට නොගෙන අත්හැර දමා තිබූ විමර්ශන කටයුතු ද මේ වන විට පොලිසිය විසින් යළි ආරම්භ කර ඇති බව යිජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ.


පාලන මිල ඉක්මවා අලෙවි කරනු ලබන සහල් සම්බන්ධයෙන් ද පිටිපන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළා.