Tuesday, April 23, 2024

General line - 0115112241

කොදෙව් – ඉන්දීය ගැටුමේදී ශ්‍රී ලංකා වාර්තාව නූලෙන් බේරෙයි (VIDEO)




ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (27) රාති‍්‍රයේ සමත් වුණා.

අමෙරිකාවේ ලාඩර්හිල් හිදි පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245 ක්. එම ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එක් වූයේ අන්තර්ජාතික පන්දුවාර විස්ස පිටියේ, කණ්ඩායමක් වාර්තා කළ 3 වන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

කෙන්යාවට එරෙහිව ලකුණු 260 ක් වාර්තා කරමින් පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නේ ශී‍්‍ර ලංකාවයි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එවින් ලෙවිස් පන්දු 49 කදී ලකුණු 100 ක් රැස් කිරීමට සමත් වුණා. කොදෙව් ඉනිමට හයේ පහර 21ක් ඇතුළත් වූ අතර එය වාර්තා පොත් අතරට එක් වූයේ පන්දුවාර විස්ස තරගයකදී කණ්ඩායමක් ඉනිමකදී එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙසටයි.

ලකුණු 246 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹායාමට පිිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 ක් දැවි රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 244ක් පමණයි. පන්දුවාර විස්ස කි‍්‍රකට් පිටියේ තුන්වන වේගවත් ශතකය වාර්තා කළ ලෝක්ෂ් රාහුල් පන්දු පන්දු 51 කදි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 110ක්.

තරගයේ විරයා ලෙස කොදෙව් ආරම්භක පිතිකරු එවන් ලෙවිස් සම්මාන දිනාගත්තා. දෙරට අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.

14138579_10210496652638907_1896395001_n 14169708_10210496618198046_1713259951_n