Thursday, February 27, 2025

General line - 0115112241

චීන ගුවන් යානා 35 ක් තායිවානය වට කරයි



චීනයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් තායිවානය දිගින් දිගටම චෝදනා නගමින් සිටියි.

ඒ අනුව තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන 6 වන විට දිවයින වටා චීන හමුදාවේ ගුවන් යානා 35 ක් සහ නාවික යාත්‍රා 6 ක් නිරීක්ෂණය කළ බවයි.

ඒ අතරින් ගුවන් යානා 27ක් මධ්‍ය රේඛාව පසුකර තායිවානයේ උතුරු, නිරිතදිග සහ නැගෙනහිර ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට (ADIZ) ඇතුළු වූ බව ද සඳහන්.

X හි සටහනක් තබමින් එම අමාත්‍යංශය පැවසුවේ "තායිවානය වටා ක්‍රියාත්මක වන චීන මහජන හමුදාවේ  ගුවන් යානා 35ක් සහ යාත්‍රා 6ක් අද උදෑසන 6 දක්වා අනාවරණය විය. ගුවන් යානා 27ක් මධ්‍ය රේඛාව පසුකර තායිවානයේ උතුරු, නිරිතදිග සහ නැගෙනහිර ADIZ වෙත ඇතුළු විය. අපි තත්ත්වය නිරීක්ෂණය කර ඒ අනුව ප්‍රතිචාර දැක්වූවා.'' යනුවෙනි.

ඉකුත් බදාදා දිනයේදී ද චීන හමුදාවට අයත් ගුවන් යානා 14 ක් සහ යාත්‍රා 5 ක් සිය දිවයින වටා තිබියදී හඳුනා ගත් බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවා.

මෑත සතිවලදී, චීනය නව්‍ය නාවික උපකරණ සමඟ තායිවාන වෙරළ තීරයන් ආක්‍රමණය කිරීමේ හැකියාව දෘශ්‍යමාන ලෙස ඉහළ නංවා තිබෙනවා.