Friday, April 18, 2025

General line - 0115112241

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් - සිව්දෙනෙකු රෝහල් ගත කෙරේ



ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. 

එම ගැටුමෙන් තුවාල ලැබූ රැදවියන් 04 දෙනෙකු ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. 

බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම ගැටුම ඇතිව ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ. 

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය කැඳවා තිබෙනවා.