Sunday, March 30, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ අපනයන ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව ජනාධිපති කියයි



චීනය සමඟ වෙළඳ සම්බන්ධතා වැඩිදියුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන ශක්තිමත් කිරීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ චීන නිල සංචාරය අතරතුරදී චීන මාධ්‍ය සමූහය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපතිවරයා සමඟ පැවති මෙම සම්මුඛ සාකච්ඡාව අද දිනයේ මාධ්‍යයට නිකුත් කළ ප්‍රධාන අරමුණ වන්නේ චීනයේ ජනතාවට මේ වන විට අවුරුදු නිවාඩුව ලබාදී ඇති බැවින් වැඩි ජන සංඛ්‍යාවක් මෙම සම්මුඛ සාකච්ඡාව නැරඹීමට හැකියාවක් පැවතීමයි. 


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන මාධ්‍ය සමූහය සමඟ පැවති මෙම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.