Friday, April 18, 2025

General line - 0115112241

නිෂ්කාශනය නොකළ බහාලුම් කොළඹ වරායෙන් මුදාහැරීම තාවකාලිකව අත්හිටුවයි



නිෂ්කාශනය නොකල බහාලුම් කොළඹ වරාය තුළින් මුදාහැරීම තාවකාලිකව අත්හිටවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. 

පසුගියදා නිෂ්කාශනය නොකළ බහාලුම් කොළඹ වරාය තුළින් මුදාහැරීම සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් එල්ල කළ චෝදනා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි ඔහු පැවසුවේ.


මේ, ඒ සම්බන්ධයෙන්  වැඩිදුරටත් අදහස් දැක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා.