හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පෙරේදා ඔහු බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින.
පසුව යෝෂිත රාජපක්ෂ කොළඹ මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා
ඒ අනුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවනු ලැබුවා.
අද දින යෝෂිත රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ඔහුව රුපියල් ලක්ෂ 500ය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේ.
එමෙන්ම යෝෂිත රාජපක්ෂට විදෙස් ගමන්ද තහනම් කළා