Wednesday, February 26, 2025

General line - 0115112241

ඇලහැර ප්‍රදේශයේදී වන අලි පහර දීමකින් පුද්ගලයෙකු මරුට



බකමූණ, ඇලහැර ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. 

එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි වියේ පසු වූ ඔරුබැඳි සියඹලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

මරණකරුගේ ඉඩමට පැමිණි වන අලියෙකු පලවා හැරීමට යාමේදී ඔහු එලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලිසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.