නීති විරෝධී ගිනිඅවි සන්තකව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ප්‍රදේශ කිහිපයක සිදුකල වැටලීම්වලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉගිනියාගල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් පරගහකැලේ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ 44 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පැවසුවේ. පුලියංකුලම, සේමමඩු ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ 26 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇතිමලය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් එම පොලිස් වසමේ වත්තේගම ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ගංජා පැළ 24ක් ද සමඟයි.
දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් බදුළුවෙල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.