Wednesday, February 26, 2025

General line - 0115112241

ඕස්ටේ්‍රලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය පැතුම්ට අහිමිවන ලකුණු



සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන වෝන් - මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වනවා. 

මෙම තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

කණ්ඩායම දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ ද පෙර පුහුණුවීම්වල නිරත වුණා. 

මේ අතර දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමි වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. 

ඒ ඔහුගේ ආබාධ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව නොවීම හේතුවෙන්. 

ඒ අනුව හෙට ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට පැතුම් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණ කළා.