Wednesday, February 26, 2025

General line - 0115112241

ඉන්දීය අගමැති පෙබරවාරියේ අමෙරිකානු සංචාරයකට සැරසෙයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන පෙබරවාරි මාසයේදී අමෙරිකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. 

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මාධ්‍ය වෙත මේ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

අමෙරිකා ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ දිනයේ දුරකථනය ඔසුසේ දිගු කතාබහක නිරත වූ බවයි. 

ඒ අනුව බොහෝ දුරට පෙරවාරි මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ධවල මන්දිරයට පැමිණෙනු ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ. 

ආරක්ෂක උපකරණ මිලදී ගැනීම් සහ ද්විපාර්ශවික වෙළඳ සබඳතා තරකර ගැනීම සම්බන්ධයෙන් නායකයින් දෙපළ සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තා වනවා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡා පැවැත්වූ ඉහළම ලෝක නායකයින් තිදෙනා අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.