රටඉඳි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් මුදල් අමාත්‍යංශය මඟින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආනයනික රට ඉදි කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රුපියල් 200ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු 31 වනදා තෙක් රුපියලක් දක්වා අඩුකර තිබෙනවා.
මේ අතර රාමසාන් කාලසීමාවේදී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි රජය මඟින් පසුගියදා රටඉඳි කිලෝග්‍රෑම් 50,000ක් මෙරටට පරිත්‍යාග කළා.