ආයෝජන සම්බන්ධයෙන් අනුමැතිය ලබා දීමේදී පවතින ප්‍රමාදය අවම කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා පැවසුවේ සාමාන්‍යයෙන් ආයෝජනයක් කැඳවීමට ආයතන 82කින් අවසර ගත යුතු බවයි.
එම වාර්තාව අනුව මෙම ආයතනවලින් අවසර ලබා ගැනීමට වසර දෙක හමාරකට වැඩි කාලයක් ගත වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.
පරිසර ක්ෂේත්‍රය සඳහා අවසර ලබා ගැනීමට ආයතන 11ක් පවතින අතර ඒ සඳහා ගත වන කාලය දින 269ක්. ඒ අනුව වසර දෙකකට වැඩි කාලයක් ගත වන එම ක්‍රියාදාමය දින 82කට අඩු කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.
ආයෝජන ව්‍යාපෘතියක් සඳහා අනෙකුත් අවසර පත්‍ර ආයතන 8කින් ලබාගත යුතුයි. ඒ සඳහා දැනට ප්‍රායෝගිකව සති 184ක් ගතවන අතර එය දින 102ක කාලයකට අඩු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ව්‍යාපෘතියක් ඇගයීමට භාජනය කර තීරණයක් ලබා දීමට ආයෝජන මණ්ඩලයට දින 80කට ආසන්න කාලයක් ගන්නවා.
එය සති දෙකක් වැනි කාලයකට අඩු කර ගැනීමටයි රජයේ අපේක්ෂාව වී ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ආයෝජන සම්බන්ධ ආයතනවල අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් සමඟ ඉකුත් දා දීර්ඝ සාකච්ඡාවක් ද සිදු කර තිබෙනවා.