අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ අනුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.
ඉකුත් 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා, රාජකාරියට බාධා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව මෙම නඩුව පෙබරවාරි මස 03 වනදා යළි කැඳවීමට නියමිතව තිබෙනවා.