ජීවිතාරක්‍ෂාවට ලබා දී තිබූ ගිනි අවිවලින් කොටසක් තවමත් රජයට භාර දී නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මෙතෙක් ගිනි අවි භාර නොදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.
ඉකුත් දා අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදා හැරුණු යෝෂිත රාජපක්ෂ මහතා සතුවද ගිනි අවි 06ක් තිබූ බවත් ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා වැඩිදුරටත් පැවසුවා.