Thursday, April 25, 2024

General line - 0115112241

වසර 06 කට පසු අද දඹුල්ලට එළිය වැටෙන හැටි




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර 3 වැනි එක්දින කි‍්‍රකට් තරගය රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදී අද (28) පැවැත්වෙනවා.

දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ පස්වරු 2.30 ටයි. රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදී දිවා රාති‍්‍ර තරගයක් පැවැත්වෙන්නේ වසර 6 කට පසුවවීමද විශේෂත්වයක්.

කී‍්‍රඩාංගණයේ පවතින විදුලි ආලෝක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් 2010 වසරේ සිට එහි දිවා රාතී‍්‍ර තරග පැවැත්වීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය අවසර ලබා දුන්නේ නැහැ. තිලංග සුමතිපාල කි‍්‍රකට් සභාපති ධුරයට යළි පත්වීමත් සමග දඹුල්ල කී‍්‍රඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නවීකරණය කෙරුණා. එ් අනුවයි යළිත් රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ දිවා රාතී‍්‍ර තරග පැවැත්වීමට අවස්ථාව හිමි වුණේ.

අවසන් වරට 2010 වසරේදී මෙම කී‍්‍රඩාංගණයේදී දිවා රාතී‍්‍ර තරගයක් පැවැත්වුණේ ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතරයි. එම තරගයෙන් ලකුණු 74 ක ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. අද දිනයේදී ජාත්‍යන්තර එක්දින පිටියට සමුදෙන තිලකරත්න ඩිල්ෂාන් එම තරගයේදිද ශතකයක් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනෙනවා.

අද තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු වෙනසක් සිදු නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ  නිත්‍ය නායක ස්ටීවන් ස්මිත් යළි ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යාම හේතුවෙන් අද තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ ඩේවිඩ් වෝර්නර් විසින්.

මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම දඹුල්ල කී‍්‍රඩාංගණයේදී මේ දක්වා එක්දින තරග 36 කට සහභාගි වී තරග 25 ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා. තරග 10ක් පරාජයට පත් වූ අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වුණා.