සුදු කැකුළු සහල්, නාඩු සහල් තොග අද සිට පාලන මිලට යටත්ව වෙළඳසැල් සඳහා නිකුත් කිරීම ආරම්භ කළ බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කියා සිටියේ ලබන සතිය වන විට සම්බා සහ කීරි සම්බා සහල්ද නිකුත් කරන බවයි.
ඒ අනුව පාලන මිලට වඩා රුපියල් තුනක් අඩුවෙන් සහල් නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ අතර, කොළොන්නාව සේදවත්ත ප්‍රදේශයේ සහල් සඟවා තිබූ තොග ගබඩාවකට මුද්‍රා තබා තිබෙනවා.
තිරිඟු පිටි විශාල ප්‍රමාණයක් සහ කොත්තමල්ලි යම් ප්‍රමාණයක්ද එම ගබඩාවේ තිබූ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ.