Friday, March 28, 2025

General line - 0115112241

විපක්ෂයේ මන්ත්‍රීවරු තැන තැන සිදු කරන සාකච්ඡාවලට ජනපතිගෙන් උත්තර



විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් මේ වන විට විවිධ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. 

ඒ අනුව ඉදිරි මැතිවරණවලදී තරඟකරන ආකාරය සම්බන්ධයෙන් එම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වුණේ. 

එලෙස සාකච්ඡාවල නිරත පක්ෂ අතර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරියෙන් පසුවනවා. 

එම පක්ෂ දෙකේ නියෝජිතයින් මේ වන විට සාකච්ඡා කිහිපයක්ම සිදු කර තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් අද උදෑසන ප්‍රචාරය වූ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය පිළිබඳව තවත් සති දෙකකින් එකඟතාවකට පැමිණීමට පක්ෂ දෙකට හැකි වනු ඇති බවයි. 


මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. 

ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව සාමූහික ක්‍රියාමාර්ගයකට එළඹිමට එම සාකච්ඡාව පැවැත්වූ බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. 


විවිධ දේශපාලන පක්ෂ ආරම්භ කර ඇති එම සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනය ප්‍රදේශයේදී ප්‍රතිචාර දැක්වුවා. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ විපක්ෂයේ ඇතැම් දේශපාලඥයින් එක් වුවද රටේ ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බවයි.