Thursday, April 18, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ 12 කට ලොකු බාධකයක්




තමන් ඇතුළු දොලොස් දෙනෙකුට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරවලින් ඉවත්වීමට නොහැකිවී ඇත්තේ නීතිමය ගැටලුවක් නිසා බව එ්කාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් මන්තී‍්‍රවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දැනටමත් නීතිමය උපදෙස් ලබා ගනිමින් සිටින බවයි. ඒ අනුව ඉදිරියේදී සාමූහික තීරණයක් ගනු ලබන බවත් පැවසුවා.

හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ සංවිධායක ධූරවලින් කැමැත්තෙන් ඉවත්වෙන සමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ තීරණයක් වුවද ක්‍රියාත්මක වීමේ හැකියාවක් ඇති බවයි.