නිෂ්පාදිත වසරේ සිට වසර 08ක් දක්වා වූ පැරණි වාහන ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නම් රට තුළ විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
වසර දෙකක් පැරණි වාහන ආනයනය කිරීමට තීරණය කිරීම හේතුවෙන් වාහන මිල ගණන් ද ඉහළ යන බවයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ.
සාමාන්‍ය ජනතාවට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදිය හැකි ආකාරය ද ඔහු පැහැදිලි කළා.
මේ අතර වාහන ආනයනයේදී සිදුවන වංචා වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසට ද වාහන ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කරනවා.
වාහන ආනයනකරුවෙකු වන සුජීව යකුපිටිය මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන් ලිඛිතව ජනාධිපතිවරයා ද දැනුවත් කළ බවයි.
වාහන ආනයනය කිරීමට අදාලව මෙරට පවතින නීති ශක්තිමත් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.