Tuesday, February 25, 2025

General line - 0115112241

පාතාල කල්ලි සාමාජිකයින්ගේ සමීපතමයන් තිදෙනෙක් ඩුබාහිදී අත්අඩංගුවට



මෙරට සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයින්ගේ සමීපතමයන් තිදෙනෙක් ඩුබාහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ ඩුබායි පොලිසිය මඟින්. අදාළ පුද්ගලයින් තිදෙනා මේ වන විට ඩුබායිහි මධ්‍යම සිරමැදිරියේ රඳවා සිටින බවයි වාර්තා වන්නේ. 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන ‘රොටුබ උපාලි’ නැමැත්තා සහ කොලොන්නාවේ ධනුෂ්ක නැමැත්තාගේ සමීපතමයෙකු වන ‘කොලොන්නාවේ චන්දන’ මෙන්ම  කොස්ගොඩ සුචි නැමැත්තාගේ සමීපතමයෙකු වන ‘චමින්ද කුමාර’    නැමැත්තා ද සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
 

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාට විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි අතර ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන ද නිකුත් කර ඇති බව සඳහන්.

සැකකරුවන් අතර සිටින ‘චමින්ද කුමාර’ නැමැත්නා බෙලිඅත්ත ප්‍රදේශයේදී අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඝාතන සිද්ධියට අවශ්‍යව සිටින පුද්ගලයෙකු බවද වැඩිදුරටත්'වාර්තා'වනවා.