Thursday, March 28, 2024

General line - 0115112241

නිදහස සීමා වෙමින් යනවා




රට තුළ පැවති නිදහස ක‍්‍රමයෙන් සීමා වෙමින් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

දිඹුලාගල හිමියන් පිළිබඳ රචනා කෙරුණු කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

පාර්ලිමේන්තුව තුළද නිදහස සීමා වෙමින් ඇති බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. පාර්ලිමේන්තුව තුළ නම්ගම් පවා සඳහන් කරමින් තර්ජනය කෙරෙන බවත් පෞද්ගලිකව ගෙන්වා විවිධ තර්ජනයන් සිදු කරන බවද පැවසුවා.