රජය විසින් ප්‍රකාශයට පත් කළ වී සඳහා වන සහතික මිල හේතුවෙන් ඉදිරියේදී සහල් මිල ඉහළ යාමේ අවදානමක් ඇතැයි සහල් ව්‍යාපාරිකයින් පවසනවා.
මරදගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා සඳහන් කළේ සහතික මිලට වී මිලදී ගෙන සහල් සඳහා වන පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි වනු ඇති බවයි.
පවතින තත්ත්වය සලකා ඉදිරියේදී සහල් අලෙවි කළ හැකි මිල ගණන් ප්‍රකාශයට පත් කරන බව ඔහු කියා සිටියා.
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් වෙනුවෙන් ගෙවන මිල ගණන් ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව වියළි නාඩු වී කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 120ටයි.
සම්බා වී කිලෝ එකක් රුපියල් 125කට මිලදී ගැනීමට නියමිතයි.
කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගනු ඇති.