වී සඳහා ආණ්ඩුව සහතික මිලක් නියම කරන විට ගොවීන්ගෙන් සියයට 20ක් රුපියල් 80කට වී තොග අලෙවි කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ප්‍රමාද වී සහතික මිලක් නියම කිරීමෙන් වාසි අත්වන්නේ ගොවියාට හෝ පාරිභෝගිකයාට නොව මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනෙකුට බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා සඳහාම අලුතින් වාහන ආනයනය කිරීමේ සූදානමක් ඇති බවද සංජීව එදිරිමාන්න මහතා මෙහිදී ප්‍රකාශ කළා.
කෙසේවෙතත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ කියා සිටියේ රටේ තිබෙන ආර්ථික තත්ත්වයද සලකා වත්මන් ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.