ඉකුත් සමයේ පොල් තෙල් ආනයනය කිරීමේදී රජයට අය විය යුතු විශාල බදු මුදලක් අහිමි වී ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ අනාවරණ වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා එහිදී කියා සිටියේ සමාගම් කිහිපයක් විසින් මෙම බදු පැහැර හැරීම සිදු කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සොයා බලා අනිවාර්යෙන්ම කටයුතු කරන බව ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා.
ඉකුත් ආණ්ඩු සමයේ ජනතාවට ඔප්පු ලබා දෙමින් සිදු කර ඇත්තේ ජනතාව රැවටීමක් බවද පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ වුණා.
මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා.
පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට රැස්වීමට නියමිත අතර එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.