Tuesday, February 25, 2025

General line - 0115112241

සංචාරකයින්ගේ පැමිණීමේ වාර්තාගත වැඩිවීමක්



මෙරටට පැමිණි සංචාරකයින්ගේ වාර්තාගත වැඩි වීමක් ඉකුත් ජනවාරි මාසයේදී සිදුව තිබෙනවා. 

ඒ, මෙතෙක් ඉතිහාසයේ දෙවන වරටත් මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා කරමින්. 

ඒ අනුව එම මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 252,761ක්. 

2024 වසරේ දෙසැම්බර් මාසයේදී සංචාරකයින් 248,592ක් මෙරටට පැමිණ තිබුණා.

මෙලෙස පිට පිට මාස දෙකකදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා යන්නේ 2024 පෙබරවාරි මාසයෙන් පසු පළමු වරටයි. 

2024 වසරේ ජනවාරි මාසයේදී සංචාරකයින් සංඛ්‍යාව 208,253ක් දිවයිනට පැමිණ තිබුණා. එමෙන්ම එම වසරේ පෙබරවාරි මාසයේදීද සංචාරකයින් 218,350 දෙනෙකු මෙරටට පැමිණියා. 

සංචාරකයින් වැඩිම පිරිසක් මෙරටට පැමිණි 2018 වසරේ ජනවාරි මාසයේදී මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් 238,924ක් පමණයි.

ඒ අනුව 2025 ජනවාරි වන විට, 2018 ජනවාරි මාසයට සාපේක්‍ෂව මාසික සංචාරකයින්ගේ පැමිණීම 13,837කින් වර්ධනය වී තිබෙනවා. 

කෙසේවෙතත් 2025 වසරේ ජනවාරි මාසයේදී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරමින් තිබූ සංඛ්‍යාව  335,687ක්.

2025 වසරේ ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් බහුතරය ඉන්දියානුවන් සහ රුසියානු ජාතිකයින්.