ශ්‍රී ලංකාවෙන් බිහිවූ සාර්ථකම ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු ලෙස සැලකෙන දිමුත් කරුණාරත්න සහභාගි වන අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.
ඒ, සංචාරක ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමගයි. තරඟය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
මෙය දිමුත් කරුණාරත්න සහභාගී වන සියවන ටෙස්ට් ක්‍රිකට් තරඟයයි. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කළ 07වන පිතිකරු ලෙසටද දිමුත් අද වාර්තා පොතට එක්වනවා.
ඔහු අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරඟයට පිවිසෙන්නේ වසර 12ක ටෙස්ට් ක්‍රිකට් ගමන නිමා කරමින්.
දිමුත් එම ගමන නිමා කරන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ආරම්භක පිතිකරු ලෙසයි.
ඔහු තරඟ 99කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 7,079ක්.
ඔහු සැලකෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ සිව්වන පිතිකරු ලෙසයි.
දිමුත්ට ජයග්‍රාහී සමුදීමක් ලබා දීමට මෙන්ම ඕස්ටේ්‍රලියාවට එරෙහි තරඟාවලිය පරාජය නොවී බේරා ගැනීමට මෙම තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිළට අතිශය වැදගත්. තරඟය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.