මේ දිනවල පැතිර යන චිකන් ගුන්යා රෝගය අවම කර ගැනීම සඳහා සෑම පාර්ශවයක්ම දැඩි අවධානයක් යොමු කළ යුතු බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ චිකන් ගුන්යා රෝගය වැළඳුනහොත් එහි පසු සංකූලතා සැලකිය යුතු කාලයක් පැවතිය හැකි බවයි.
චිකන් ගුන්යා රෝගය පැතිරීම වැළැක්වීමට ගත හැකි පියවර මොනවාද?
ඩෙංගු රෝගයද පැතිර යමින් ඇති බැවින් පරිසරයේ පිරිසිදුභාවය පිළිබඳවද ජනතාව වඩා වැඩි අවදානයක් යොමු කළ යුතු බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවා.