Tuesday, February 25, 2025

General line - 0115112241

ආනයන සීමා ලිහිල් කිරීමෙන් ලැබිය හැකි ප්‍රතිලාභ අවම වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි



ඇතැම් නිලධාරින්ගේ වැරදි උපදෙස් හේතුවෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය ගත් තීරණයෙන් ලැබිය හැකි ප්‍රතිලාභ අවම වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

ජපානයේ භාවිත කළ වාහන මෙරටට ආනයනය කිරීමේදී වසර 07ක් දක්වා භාවිත කළ වාහන මෙරටට ආනයනය කිරීමට සිය සංගමය ඉල්ලා සිටියද අවසර හිමිව ඇත්තේ වසර දෙකක් භාවිත කළ වාහන පමණක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. 

එමඟින් වාහන කිහිපයක් සඳහා පමණක් විශාල විදේශ විනිමයක් රටින් බැහැරවන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ.

මුදල් අමාත්‍යංශ නිලධාරින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තු කඩවී ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා.