අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පෙනී සිටිමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එම සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ව්‍යාජ ආකාරයෙන් පෙනී සිටිමින් විවිධ පුද්ගලයින් බියගන්වා මුදල් වංචා කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී තිබුණා.
ඊට අදාළව සිදුකළ විමර්ශනයකට අනුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ.
මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු කෙරෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ.