Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමට පහරදුන් ත්‍රස්තයෝ 04 ක් මරුදකී




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නගරයේදී 2009 වසරේ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදීන් පිරිසක් එරට පොලිසිය සමග අද (28) අලුයම මනාවා නැමැති ප්‍රදේශයේදී ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

එම ගැටුමේ දී ත්‍රස්තවාදීන් සිව්දෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රහාරය සඳහා ත්‍රස්තවාදීන් 07 දෙනෙකු පැමිණ තිබෙනවා.

2009 වසරේ සිදු වූ ප්‍රහාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 07 දෙනෙකු තුවාල ලැබුවා. ලාහෝර් නගරයේ ගඩාෆි ක්‍රීඩාංගණය වෙත ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කරමින් සිටි අතරවාරයේ මෙම ප්‍රහාරය එල්ලවී තිබුණා.

Two gunmen are seen near a vehicle in Lahore, Pakistan, Tuesday, March 3, 2009, in this image taken from television. A deadly attack on the Sri Lankan team bus Tuesday damaged any chance of Pakistan hosting international cricket in the short term and threatens its position as co-host of the 2011 World Cup. (AP Photo/AAJ via APTN) ** PAKISTAN OUT TV OUT **