වී සඳහා අවම මිල ප්‍රකාශ කිරීමේදී නිෂ්පාදන පිරිවැයට සියයට තිහක ලාභයක් එක් කරන බව රජය ප්‍රකාශ කළද එවැන්නක් සිදුව නොමැති බව ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා.
කෙසේවෙතත් රජය මගින් ප්‍රකාශ කළ වී මිල මෙම අවස්ථාවේ පිළි ගන්නා බවයි ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි මහතා පැවසුවේ.
මේ අතර රජය මගින් වී මිලදී ගැනීම මේ වන විට ක්‍රියාත්මක බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.