ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වන රජයේ සේවකයින්ට දිරි දීමනා ලබා දීමේ යෝජනා ක්‍රමය එරට අධිකරණයක් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව එම පියවර සම්බන්ධයෙන් සලකා බැලීමට යම් කාලයක් අවශ්‍ය බවයි අධිකරණය පෙන්වා දී ඇත්තේ.
ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ඉදිරිපත් කළ එම යෝජනා ක්‍රමයේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට එකඟවන රජයේ සේවකයන්ට මාස අටක වැටුප් සහිත විශේෂ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ එම තීරණය සඳහා අමෙරිකානුවන් 40,000ක් කැමැත්ත පළ කර ඇති බවයි.
කෙසේවෙතත් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරනු ලැබූ එම යෝජනා ක්‍රමයෙන් අමෙරිකානු රජයේ සේවකයන් ලක්ෂ දෙකක් පමණ ඉල්ලා අස්වනු ඇතැයි මීට පෙර ධවල මන්දිරය අපේක්ෂා කළා.