Thursday, April 17, 2025

General line - 0115112241

නාගොඩ කර්මාන්තපුරයේත් ගින්නක්



කළුතර දකුණ, නාගොඩ කර්මාන්තපුරයේ පිහිටි පුද්ගලික ආයතනයක ගින්නක් හට ගෙන තිබෙනවා. 

කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ සහාය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි කළුතර දකුණ පොලීසිය පැවසුවේ. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර කොළඹ කොටුවේ ඉදිකෙරෙමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේද ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත්තා.