Tuesday, February 25, 2025

General line - 0115112241

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බාධක පනවයි



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පනවමින් විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා 

ජාත්‍යන්තර අපරාධ අධිකරණය කිසිදු පදනමක් නොමැති චෝදනා නගමින් ඊශ්‍රායලය ඉලක්ක කරගත් නීති විරෝධී සහ පදනම් විරහිත ක්‍රියාමාර්ග ගන්නා බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන්නේ.

ඒ අනුව මෙම පියවර මගින් අපරාධ අධිකරණය නියෝජනය කරමින් ඇමරිකානු පුරවැසියන් හෝ හිතවත් රටවලට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණ විමර්ශනවලට සහාය වන පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා මූල්‍ය සහ වීසා සීමාවන් පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකා ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව මෙම සම්බාධක පැනවීම විශේෂත්වයක්.

පසුගිය නොවැම්බර් මාසයේදී, ගාසා තීරයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කරන ලද අතර, එය ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර තිබෙනවා . 

තවද හමාස් අණදෙන නිලධාරියෙකුට ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ට්‍රම්ප්ගේ නියෝගය ගැන "කනගාටු වන" බව අධිකරණයේ සත්කාරකත්වය දරන නෙදර්ලන්තය පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ