හිදෝගම, ඇතිමලේ සහ පදවිය ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී ගිනි අවි සන්තකව සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ලබා දුන් තොරතුරක් මත පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පදවිය, මෛත්‍රීපුර ප්‍රදේශයේදීයි.
හිදෝගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත තවත් එක් සැකකරුවෙකු කටුගම්පලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සෙසු සැකකරු ඇතිමලේ, පොලොන්ආර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.