Friday, March 28, 2025

General line - 0115112241

බෝම්බ බියක් නිසා ඉන්දියාවේ පාසල් දෙකක් වැසේ



බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ නොයිඩා සහ දිල්ලි නගරවල පාසල් දෙකක් තාවකාලිකව වසා දමා තිබෙනවා. 

බෝම්බ ප්‍රහාරයක්  එල්ල විය හැකි බවට ලැබුණු විද්‍යුත් තැපැල් පණිවිඩයක් හේතුවෙන් අදාළ පාසල් තාවකාලිකව වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

එලෙස වසා දමා ඇත්තේ ශාන්ත ස්ටීවන් විද්‍යාලය සහ නොයිඩාහි ශිව් නාඩාර් පාසලයි. 

මේ හේතුවෙන් පාසල් සිසුන් නිවෙස් වෙත යළි හරවා යවා තිබෙනවා. 

මේ වන විට බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම් විසින් පොලිස් සුනඛයන් යොදා ගනිමින් අදාළ පාසල් පරික්ෂා කරන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ගිනි නිවීමේ භටයින්ද කැඳවා තිබෙනවා. 

කෙසේවෙතත් දිල්ලි පොලිසිය සඳහන් කළේ එම පාසල් පරිශ්‍ර දෙකෙහි තිබී සැක සහිත කිසිවක් මෙතෙක් හමු වී නොමැති බවයි. 
 

මේ අතර, නොයිඩා නගරයේ  පාසල් හතරකට බෝම්බ තර්ජන එල්ල විය හැකි බවට ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ යැවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි සිසුවෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.