මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 50ක සුළං බලාගාර ව්‍යාපෘතිය සදහා වන අඩුම ලංසු තැබු දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන හේලීස් ෆෙන්ටන්ස් වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි වාර්තා වනවා.
රජයේ ටෙන්ඩර් කාර්යය පටිපාටිය අනුව එම ප්‍රදානය සිදු කර තිබෙනවා.
ඒ අනුව, අඩුම මිල ඉදිරිපත් කල හේලීස් ෆෙන්ටන්ස් සමාගම විදුලි ඒකකයක් ලබා දෙන්නේ ඇමරිකානු ඩොලර් ශත 4.65ක මිලකට බවයි වාර්තා වුණේ.
අනෙක් සමාගම් හේලීස් ෆෙන්ටන්ස් සමාගමට වඩා ඉහළ මිල ගණන් ඉදිරිපත් කර තිබෙනවා.
වයින්ඩ් ෆෝර්ස් ඇමරිකානු ඩොලර් ශත 4.88, විදු ලංකා ඇමරිකානු ඩොලර් ශත 4.98, ලක්දනවි ඇමරිකානු ඩොලර් ශත 5.90 බැගින් ඒකකයක මිල ලෙස ලංසු තබා තිබූ බවයි වාර්තා වුණේ.
ඒ අනුව රටට, විදුලි පාරිභෝගිකයින්ට වඩාත්ම වාසිදායක ගණුදෙනුව ලෙස අඩුම ලංසුව වන ඩොලර් ශත 4.65ක හේලීස් ලංසුවට එම ව්‍යාපෘතිය ලබාදීමට තීරණය වී ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.
මේ අතර සෑම පාර්ශවයකින්ම අදහස් ලබාගෙන රටට හිතකර ලෙස ලෙස විදුලිබල පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් උදයංග හේමපාල මහතා පැවසුවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.