Tuesday, February 25, 2025

General line - 0115112241

වසර 05කට පසු පළමු වරට ඉන්දියාවේ වෙනසක්



ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාවේ මහ බැංකුව වසර පහකට පසු පළමු වරට එහි මිණුම් දණ්ඩක් වූ පොලී අනුපාතය පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඉන්දියාවේ ආර්ථික වර්ධනය පහළ යාම සඳහා මුහුණදීමටයි 

කොරෝනා වසංගතයෙන් පසුව මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාව සිය අනුපාතය ක්‍රමයෙන් ඉහළ නංවා තිබුනා 

ඒ අනුව වසර පහකට පසුව  6.5%ක්ව පැවති පොලී අනුපාතිකය 6.25%  දක්වා පහළ දැමීමට ඉන්දීය සංචිත බැංකුව පිරවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මෙම අනුපාතය මහබැංකුව එරට වානිජ බැංකු සඳහා ණය දෙන පොලී අනුපාතික මට්ටම වනවා.

ඉන්දීය දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය වසර 4කින් 6.7%ක් දක්වා පහළ වැටී ඇති මොහොතකයි මෙලෙස පොලී අනුපාත පහළ දැමීම සිදු කෙරුණේ.

ඉන්දීය සංචිත බැංකුවේ ප්‍රතිපත්ති ස්ථාවරය මධ්‍යස්ථ මට්ටමක තබා ගන්නා බවත් තවදුරටත් අනුපාත අඩුකිරීම හරහා වර්ධනයට දායකවීමට වැඩි ඉඩක් විවෘත කරන බවත් සංචිත බැංකුවේ අධිපතිවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා.

ආහාර උද්ධමන පීඩනය ලිහිල් වනු ඇතැයි අපේක්ෂා කරන බව මල්හෝත්‍රා පැවසූ නමුත්, අස්ථාවර ගෝලීය බලශක්ති මිල ගණන් උද්ධමන අපේක්ෂාවට අවදානමක් ඇති කරන බව ද  මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා.

මෙම වසරේදී ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය සියයට 2 කින් පමණ පහත වැටී ඇති අතර, ආනයනික උද්ධමනය පිළිබඳ ගැටළුවක් මතුකරන බවද ඔහු සඳහන් කර සිටියා