1976 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරිපත්කළ යෝජනාව සම්මත වූ පසු මෙම වසරේ ජනවාරි 25 දක්වා කාලය තුළ විශ්‍රාම වැටුප ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 330ක් සිටින බවට අද පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා මෙම කරුණු කියා සිටියේ එම මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා දෙකෝටි තිස්පන් ලක්ෂ හතළිස් එක් දහසකට අධික මුදලක් මාසිකව ගෙවන බවයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් මන්ත්‍රී රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළා.
ඒ, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය වර්තමානයේ හෑල්ලුවට ලක්කර ඇති බවයි මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ.