Monday, February 24, 2025

General line - 0115112241

දුම්රිය කිහිපයක තුන්වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමේ තීරණය හකුලා ගනී



දුම්රිය කිහිපයක තෙවන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 

මාර්තු මස 10 වනදා සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.55 හා 08.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රියවල හා පස්වරු 03.45ට තලෛයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ තෙවන පංතියේ වෙන් කල ආසන පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා. 

කෙසේවෙතත් දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා ගත් තීරණයකට අනුව ආසන පහසුකම් ඉවත් කිරීමේ තීරණය එලෙස අත්හිටුවා තිබෙනවා.