Monday, February 24, 2025

General line - 0115112241

දෛනිකව පාස්පෝට් 4,000ක් නිකුත් කිරීමේ වැඩපිළිවෙල ළඟදීම



දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 4,000ක් නිකුත් කිරීමේ යෝජිත වැඩපිළිවෙල තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි එම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.


විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනිමට පැමිණෙන ජනතාව ඉහළ යාමට හේතු සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී අදහස් පළ කළා.